ඉක්මනින් වැඩ කරලා, හෙමින් ජීවත්වෙමු

0
492

කාලය වේගයෙන් ගෙවීගෙන යනවා. තත්පරෙන් තත්පරය.. මිනිත්තුවෙන් මිනිත්තුව..
සමාජය වේගවත්.
ඒ නිසාම අපිත් ඒ වේගයෙන් ම දුවන්න ඔනෙ. එහෙම නැත්තම් අපි පරාදයි.
අපි හිතන්නෙ එහෙම.
ඒක වරදි නෑ.
ඒ වුනාට මොහොතක් එනවා දරාගන්න බැරි මහන්සියක් එක්ක නතර වෙන්න වෙන.
එහෙම නතරවෙන්න වෙන මොහොතකදි ආපස්සට හැරිලා බලද්දි ඇත්තටම අපිට සතුටු වෙන්න පුලුවන් වෙයි ද?
මේ ප්‍රශ්නයත් එක්ක හිතුවොත්, මම හිතනවා අපි ගතකරමින් ඉන්න මේ මොහොත.. ගෙවමින් ඉන්න ජීවිතය,
මීට වඩා අර්ථවත් කරගන්න පුලුවන් වෙයි කියලා.

මේ වේගයෙන් යනකොට කොච්ච්ර දේවල් මට මග හැරෙනෙවද ?
ලස්සන ලස්සන පුංචි පුංචි මොහොතවල්..
එහෙම මගහැරුන මොහොතක් සමහරවිට අයෙත් කවදාවත් ජීවිතේට හමු නොවෙන්න පුලුවන්.
පාරක් දිගේ ඇවිද ගෙන යනකොට මග හැරුණ මනුස්ස හිනාවක්.
අසරණ බැල්මක්. මග හැරුන දෑසක්..
ගහකින වැටුන පරවෙලා ගිය කොලයක්, මලක්…
කොහෙන් හරි ඇහෙන සංගීතයක්.
කුරුල්ලෙක් ගෙ කිචි බිචියක්..

අපිට කොච්චර දේවල් මග ඇරෙනවද ?

අපි ඇත්තටම දන්නවද අපිත් ඉන්නම මනුස්සයගෙ ජීවිතේ මොනවද වෙන්නෙ කියලා.. සතුටින්ද? දුකින්ද?
මගේ අම්මා සතුටින්ද ? තාත්තා මොනවද මේ වෙලාවෙ හිතන්නෙ? සහෝදර සහෝදරියො මොනවද කරන්නෙ ?
මගේ යාලුවො..
අම්මා ගාව පොඩ්ඩක් වාඩිවෙලා අන්තිමට ටිකක් වෙලා කතා කළේ කවද ද?
තාත්තා එක්ක පොඩ්ඩක් රණ්ඩුවුනේ කවද ද ?
යාලුවෙක්ට අන්තිමට කෝල් එකක් අරගෙන කිසිම වැද ගැම්මකට නැති කයිවරුවක් ගැහුවෙ කවද ද ?
අපිට මේ වගේ ගොඩක් දේවල් අපිට හිතන්න පුලුවන්.

මේක කියවන මේ වෙලාව වෙනකන් එහෙම හිතන්න තරම් බැරි වැඩ ගොඩගක නම් ඉන්නෙ.. කාර්‍ය බහුල වෙලානම් ඉන්නෙ.. මම හිතන්නෙ ඔබ හරි අවාසනාවන්තයි.. ඔබ වටේ මේ හැමදේම තිබිලාත් මේ කිසිම දෙයක් ගැන අවදානයක් දීලා නෑ. කමක් නෑ. අපි දැන් පටන්ගමු.. පොඩ්ඩක් නතරවෙලා මේ ජීවිතය විදිමු.

වේගයෙන් යන මිනිස්සු හුගක් දේවල් දකින්නෙ නෑ… හෙමින් යන මිනිස්සු දේවල් දකිනවා.. අහනවා.. විදිනවා..
ජීවත්වුනා කියලා අන්තිමට හුස්ම අරගන්න එක විතරක් කරලා මැරෙන්න ජිවිතේ අපරාදෙ?

ඉතින් අපි ඉක්මනින් වැඩ කරලා හෙමින් ජීවත්වෙමු..


චන්දිම කාරියවසම්

Leave a Reply