දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි

0
535

ජේසු අපගේ පාප වෙනුවෙන් මියදුනේ ඇයි ? පිළිතුර, හිරු කිරණක් මෙන් සබාවේ විශ්වාසය ආලෝකමත් කරන්නේය: මක්නිසාද උන්වහන්සේ අපට ප්‍රේම කලසේක. “ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේමකොට අප වෙනුවෙන් ජීවිතය පූජා කළසේක.” (එපීසි 5:2); “ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්… මට ප්‍රේම කර මා උදෙසා දිවි දුන් සේක.” (ගලාති 2:20) “ක්‍රිස්තුස් වහන්සේ සබාවට ප්‍රේමකොට සබාව වෙනුවෙන් දිවි පුදකළේය.” (එපීසි 5:25) “උන්වහන්සේ අපට ප්‍රේම කලසේක.” යන්න සියල්ල අතික්‍රමනය කරන, පොදුවේ සබාවටත් එක් එක් පුද්ගලයා වෙනුවෙන්ද යෙදවියහැකි අවිවාදිත හා මුලික සත්‍යකි.

අවසාන ස්විශේෂක කතුවරයා වන ශු.ජුවාම් තුමන් මෙම අනාවරණය ජේසුස් වහන්සේගේ මෙලොව ජීවිත කාලය දක්වා ගෙන යයි. “යමෙක් තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත.” (ජොහාන් 15: 13 -14)

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්වින්දේ “ඇයි ?” යන්නට පිළිතුර තවත් ගැටලු පැනනැගීම වලක්වාලයි. උන්වහන්සේ අපට ප්‍රේම කරන ලද්දේ ; උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසාය – එය ම පමණකි. දෙවියන්වහන්සේගේ ප්‍රේමයට “ඇයි ?” කියා හේතුවක් නැත. ප්‍රේමය දෙවියන්වහසේ ගේ තිළිණයකි. ලෝකයේ පුර්ණවශයෙන් නොමිලේ ලබන සත්‍ය හා එකම ප්‍රේමය දෙවියන්වහන්සේගේ ප්‍රේමයයි. දේවප්‍රේමය පරිපුර්ණවු ප්‍රේමය නිසා එය නැවත කිසිවක් බලාපොරොත්තු නොවේ, නමුත් සියල්ල ලබාදෙයි. එසේ නැත්නම්, උන්වහන්සේ උන්වහන්සේවම පුදකරයි. “ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන්වහන්සේට ප්‍රේමකිරීම නොව, උන්වහන්සේ අපට ප්‍රේමකර සිය පුත්‍රයාණන් අපේ පාපය නැසීමේ පිළියමක් වශයෙන් එවීමය… අප ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළ බැවිනි.” (1 ජුවාම් 4: 10, 19).

උන්වහන්සේ , අහම්බයක්, අවශ්‍යතාවයක් හෝ බලහත්කරකම නිසා වත්, උන්වහන්සේගේ කැමැත්තට හෝ දැනුවත්බවට බලපෑ ඉතිහාසික හේතුවක් නිසාවත් නොව ජේසුස් වහන්සේ, ප්‍රේමය නිසා සිය නිදහස් කැමැත්තෙන් දුක්විද මරණයට පත්වුසේක. කිසිවෙකු මෙය නොපිළිගන්නෙනම් ඔහු ශුභාරංචිය නිශ්ප්‍රභාකර එහි ආත්මය උදුරා දමන්නේය, මන්ද ශුභාරංචිය වු කලී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ වු දේව ප්‍රේමයේ පුවත වන බැවිනි. ස්විශේෂය පමණක් නොව සම්පූර්ණ බයිබලයම මිනිසා කෙරෙහි වු දෙවියන්වහන්සේගේ අභිරහස්මය හා තේරුම්ගත නොහැකි තරම් ප්‍රේමයේ පණිවිඩයයි. මුලු බයිබලය එකවර ප්‍රාතිහාර්‍යමය ලෙස වචනයට නැගී හඩනගන්නට වී නම් මුහුදේ ඝෝෂාව පවා පරයමින් ඇසෙන “දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි ” කියා මොර නගන හඩ බවට පත්වනු ඇත.

උපුටා ගැනීම : “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ ගින්න” – THE FIRE OF CHRISTS LOVE

ගරු රෙනීරෝ කන්තලමෙස්සා පියතුමා OFM CAP

ඉතාලි ජාතික ගරු රෙනීරෝ කන්තලමෙස්සා පියතුමන් 1958 වසරේ ප්‍රැන්සිස්කාන කැපුචින් නිකායේ පියතුමෙක් ලෙස පුජකවරය ලබා මිලානෝ විශ්වවිදයාලයේ කතිකාචාර්‍යවරයෙක් ලෙස සේවය කලේය. 1980 සිට වතිකානුවේ ශුද්ධෝත්තම පියතුමන් ඇතුලු නිවැසියන්ගේ දේශකයා ලෙස පත්වීම ලබන එතුමන් අද දක්වා දේශකයෙකු ලෙස සහ ලේඛකයෙකු ලෙස ලොවපුරා තම සේවය සිදුකරයි.


අනුවර්තනය – චන්දිම කාරියවසම්

Leave a Reply