පියාණනි ඔවුන්ට කමා වුව මැනව

0
555

“පියාණනී මොවුන්ට කමාවුව මැනව.” කිසිදු වචනයක් හා සසැදිය නොහැකි මෙම වචන දෙවියන්වහන්සේගේ සියලු බලය සහ ශුද්ධවන්ත බව කැටි කොට ගන්නේය. එම වචන කිසිදු අපරාදයකට හෝ පීඩාවකට යටත් කළ නොහැකි වන්නේය. මන්ද , එම වචන නපුර එහි උපරිමයට ලගාවූ මොහොතක දී , මෙවැනි වචනයක් පැවසිය නොහැකි වූ මොහොතක උන්වහන්සේ මෙය වදාළ බැවිනි. “ දිරන සුලු මේ ස්වාභාවය නොදිරන සුලු බවටත් ,මැරෙන සුලු මේ ස්වාභාවය අමරණීයත්වයට පැමිණි කල්හි “මරණය පැරදිණි; ජය අත්විණි” යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන වචන සම්පූර්ණ වේ. “එම්බා මරණය, තාගේ ජය කොයි ද ? එම්බා මරණය තාගේ විෂ දළය කොයිද ? මරණයේ විෂ දළය පාපයයි.” (1 කොරෙන්ති 15:54- 55) මෙම “පියාණනී මොවුන්ට කමාවුව මැනව.” වචන පෙල සක්‍රමේන්තුක වචන පෙලකි. එය දුක්විදීමේ අරමුණ හා තේරුම ; මිනිසා දෙවියන්වහන්සේ හා සමගි කිරීම ප්‍රකාශණයේ හේතුව පහදන්නේය.

උන්වහන්සේ සිය සමගි කිරීමේ කාර්‍යය ඒ මොහොතේම, කුරුසියේ පා මුලින් ක්‍රිස්තුස් වහන්සේව කුරුස පත් කළවුන්ගෙන් ම අරබයි. ඔවුන් සියලු දෙනාම ගැලවුන බවත්, ඔවුන්ව ස්වර්ගරාජ්‍යයේදී නිසැකවම හමුවිය හැකිබව මාගේ සිතීර විශ්වාසයයි. ඔවුන් උන්වහන්සේගේ විහිදුනු යහපත්කමට සදාකාලික සාක්ෂි දරන්නේය. “පියාණනී මොවුන්ට කමාවුව මැනව” ජේසුස්වහන්සේ සිය සම්පූර්ණ බලයෙන් ඔවුන් වෙනුවෙන් අයදියි, පුත්‍රයාණනන් වහන්සේගේ යැදුමට නිරන්තරයෙන් සවන්දෙන පියාණන් වහන්සේට ( බලන්න: ජුවාම් 11:42) පුත්‍රයාණන්ගේ මරණ මොහොතේ සවන් දීම හැර අන්කිසිවක් කළ නොහැකිය. උන්වහන්සේ කුරුස පත්කළවුන්ගෙන් පසුව උන්වහන්සේගේ සමාව දිගු වන්නේ හොද හොරාටය, අනතුරුව කුරුසය පාමුල උන් ශතාදිපතියාටය, පසුව පෙන්තකොස්ත මංගල්‍ය දින සිත්හරවා ගත් ජනතාවට ය. එය වැඩි වර්දනය වෙමින් අපේ කාලයේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සමරණ සියලුදෙනාද එම සමාව දීමේ ප්‍රේමය විසින් වැලද ගන්නේය.

යෙසායා දිවැසිවරයාගේ පොතේ සදහන් පරිදි, “එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිපල දැක තෘප්තියට පැමිණෙනු ඇත. බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් ලත් දුක් වේදනාවෙන් දේව සබදතාවට ඔවුන් පත් කරනු ලබනු ඇත.” යි දුක්විදින සේවකයාණන්ට පවසයි. (යෙසායා 53:11,12) මන්ද උන්වහන්සේ වරද උන්වහන්සේ පිට පවර ගනිමින්, “පියාණනී මොවුන්ට කමාවුව මැනව.” පවසා, බොහෝ දෙනෙකු ධර්මිෂ්ටයන් බවට පත් කල සේක.

උපුටා ගැනීම : “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ ගින්න” – THE FIRE OF CHRISTS LOVE

රෙනීරෝ කන්තලමෙස්සා ගරු පියතුමා OFM CAP

ඉතාලි ජාතික ගරු රෙනීරෝ කන්තලමෙස්සා පියතුමන් 1958 වසරේ ප්‍රැන්සිස්කාන කැපුචින් නිකායේ පියතුමෙක් ලෙස පුජකවරය ලබා මිලානෝ විශ්වවිදයාලයේ කතිකාචාර්‍යවරයෙක් ලෙස සේවය කලේය. 1980 සිට වතිකානුවේ ශුද්ධෝත්තම පියතුමන් ඇතුලු නිවැසියන්ගේ දේශකයා ලෙස පත්වීම ලබන එතුමන් අද දක්වා දේශකයෙකු ලෙස සහ ලේඛකයෙකු ලෙස ලොවපුරා තම සේවය සිදුකරයි.


අනුවර්තනය – චන්දිම කාරියවසම්

Leave a Reply