නාසරතයේ සහෝදරයා

ක්‍රිස්තුවේදය සිට ක්‍රිස්තු දර්ශනය වෙත

0
281

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ විශ්වාසයේ වස්තුවයි. කිතුණුවන්වශයෙන් අප උන්වහන්සේගේ දැක්ම (දර්ශනය) ග්‍රහනය කරගැනීම ක්‍රියාකාරී කිතුණුවෙකු වීමට අත්‍යවශය බව මගේ තේරුම් ගැනීමයි. තවදුරටත් ක්‍රිස්තුවේදය නම් දැනුම් කලාපයේ සිට ක්‍රිස්තුදාර්ශනික, විශ්වාසයේ ජීවන විලාසයක් නිර්මානය කර ගනිමින් කිතුණු විශ්වාසයට සාක්ෂි දැරීමය. මේ මොහොතේ මේ පොලවට අවශ්‍ය වන්නේ දැනුම හා අධ්‍යාත්මිකතවය මුසුවු ජීවන විලාසයක් බව මාගේ යෝජනාවයි. දැනුම අධ්‍යාත්මිකතවය තුළ තුලනය වියැ යුතු යැ . නොවෙසේ නම් දැනුම පවා ස්වයං විනාශකාරී විය හැක.
ක්‍රිස්තුවේදය යන්න හදුනා ගැනීමට අප මුලින්ම ක්‍රිස්තුස් යනු කවුද ? යන්න පැහැදිලි කරගත යුතුවෙයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යැයි ඔබට ඉතාමත් හුරු පුරුදු නම අප තේරුම් ගන්නෙ කෙසේද ? ජේසුස් යන අප බාවිතා කරන නම “යේශුවාහ්” (Yeshuah) යන හීබෘ නාමයෙන් බිදී එන්නකි. එහි අර්ථය : (YHWH-යාවේහ්) දෙවියන්වහන්සේ ගලවා ගන්නාසේක යන්නයි.

ක්‍රිස්තුස් යන නාමාර්ථය හා එහි සුවිශේෂීතාවය

ක්‍රිස්තුස් යන්න; ක්‍රිස්ටොස් ( Christos) යන ග්‍රීක වචනයෙන් බිදී එන්නකි. එහි හීබෘ මුල් වචනය මෙසියස් (Masiah) යන්නයි. එහි අර්ථය “ආලේපිත \ අභිශේකලත් යන්නයි. ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස් යන්නෙහි නිරුක්තිය : “ජේසුස් ආලේපිතයාණෝ” හෝ “ජේසුස් අභිශේකලත් තැනැත්තා” යන්නයි. ඒ අනුව ක්‍රිස්තුස් යනු පුද්ගලනාමයක ට වඩා පදවිනාමයකි. විශේෂයෙන්ම දෙවියන් වහන්සේ විසින් ආලේපිත තැනැත්තේ යන්න ඊශ්‍රායෙල් හී රජවරුන්ට හා උන්වහන්සේගේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී සේවයක් වෙනුවෙන් කැදවන ලද්දන්ට පමණක් මෙම “ආලේපිත තැනැත්තේ” යන්න භාවිත කරන ලද්දකි.
“ඔහු පලමුවෙන්ම තම සොහොයුරා මුනගැසී,” අපට මෙසියස් වහන්සේ හමුවු හ” යි කීය. ( ජොහාන් 1:41).“ක්‍රිස්තුස් වහන්සේ ය යි කියන මෙසියස්තුමන් එන බව දනිමි. උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරණ සේකැ “යි කීවාය. “මේ ඔබ සමග කතා කරන මම, ඒ තැනැත්තා වෙමි.” යි ජේසුස් වහන්සේ වදාළසේක.” (ජොහාන් 4: 25-26).

මෙසියස් ගේ පැමිනීම ඊශ්‍රායෙල් ජනතාවගේ ගැලවීම සම්බන්ද මුලික බලාපොරොත්තුවයි. මිසරයේ වහල්බාවයෙන් නිදහස් වු ඊශ්‍රායෙල් ජනතාව නැවත නැවතත් විවිධ රාජ්‍යන්ගේ පාලනයන් තුල විප්‍රවාසගත්වෙයි අවසාන වශයෙන් රෝම අදිරාජයට යටත් ව අතීශය වේදනාකාරී පීඩිත ජීවිතයක් ගත කරමින් සිටි ජනතාවකි. යෙසායා දිවැසිවරයාගෙන් පටන් දිවැසිවරුන් මෙලෙස පීඩාවට පත්වු ජන්තාවට බලපොරොතුවක් ගෙන ආවේය. ඒ බලාපොරොත්තුව – මෙසියස් (ගැලවුම්කරුවෙකුගේ) පැමිනීමය.

මෙසියානුවාදය : ක්‍රි.පු 1030 පමණ බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් පැවත එන සාමුවෙල් දිවැසිවරයා විසින් ආලේප කරන ලද සාවුල්ගෙන් ඊශ්‍රායෙලයේ රාජාවලිය ඇරබෙයි. (1 සාමුවෙල් 9). එතෙක් ඔවුන් ව මෙහෙයවන ලද්දේ ආනුභාව සම්පන්නවු නායකයන් හා විනිසුරන් විසිනි. ඔහුගෙන් පසුව ජුදා ගෝත්‍රයට අයිති බෙත්ලෙහෙමේ දාවිත් ඊශ්‍රායෙල්හී රජු වශයෙන් ආලේප කරන ලදී. දාවිත් රජතුමන් ජෙරුසලම මූලික කරගෙන සිය රාජ්‍ය පිහිටවන ලදී.

මෙසියානු සම්ප්‍රදායේ පලමු පොරොන්දුව ලෙස ; නාතාන් ගේ දිවැසි වැකිය හැකිය. ප්‍රවාදයට අනුව දාවිත් දෙවියන් වහන්සේගේ වැඩ සිටීමට දේවමාලිගාවක් ගොඩනැගීමේ කාර්‍ය ඇරබීමට අරමුණු කරයි. “එබැවින් මගේ මෙහෙකරු දාවිත්ට කියන්නැ යි සියලු බලැති සමිදාණන් වහන්සේ මෙසේ වදාරන සේක… මගේ සෙනග වන ඊශ්‍රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නොලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි… ඇරත්, සමිදාණන් වහන්සේ නුබට වංශයක් උපදවා දෙන බව සමිදාණන් වහන්සේ නුබට දන්වනසේක…. මම නුඹෙන් පැවත එන නුඹේම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයේ ඔහු ස්ථිර කරන්නෙමි. ඔහු ම මගේ නාමයට මාලිගාවක් ගොඩනගන්නේය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහටම ස්ථීර කරන්නෙමි.” (2 සාමුවෙල් 7:8-13). මෙම වගන්තිය ජේසුස් වහන්සේට දාවිත් ගේ පරපුර හා ඇති සම්බන්ධතාව පෙන්වීමට බාවිතවෙයි. “උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක; පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වු දාවිත්ගේ සිංහාසනය දෙවිසමිදාණන් වහන්සේ උන්වහන්සේට ප්‍රදානය කරන සේක. (ලුක් 1:32). නමුත්, මෙම දිවැසි වැකිය, ඓතිහාසිකව; දාවිත් , සලමොන් හා දේවමාලිගාව සම්බන්ද වුවක් බව පැහැදිලිය. එය එසේ වුවද, මෙය අනාගතවදී දිවැසි වැකියක් බව ගැලවීමේ ඉතිහාසය පිරික්සීමේදී තේරුම් ගත හැකිය.
සලමොන් රජතුමන්ගේ මරනයෙන් පසු ක්‍රි.පු 922 පමණ වන විට රාජධානිය කොටස් දෙකකට බෙදී උතුරු හා දකුණු රාජධානිය ලෙස වෙන්වෙයි. ඉන් වසර 200 කට පසු ක්‍රි .පු 721 දී අසරියානු පාලනයට යටත්වෙයි එම පාලන කාලය තුළ ඔවුන් අතර විවාහයන් ද පිටුවල් වීම් ද සිදුවිනි. අසරියානුවන් හා මිශ්‍ර වීමෙන් පැවතෙන ජනතාව සමරිතානුවන්වෙයි.


චන්දිම කාරියවසම්


තවත් කොටසක් ඉදිරියට

Leave a Reply