සමදර්ශක සුවිශේෂයන් හී දුක්ප්‍රාප්ති වෘත්තාන්තය

0
235

විශ්වාසයේ ඇසට ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය පරාජයක් නොව දෙවියන් වහන්සේ විසින් ඔවුන් වහන්සේ උදෙසා පිළියෙල කරන ලද සැලැස්ම තුළ ඔවුන් වහන්සේගේ ජයග්‍රාහී ප්‍රයත්නයකි. කිතු දහම ජීවිතයේ යථාර්තයන්, අරගලයන් හා ඒවාට අනුබද්ධ වේදනාකාරී පැත්ත ඉදිරියෙහි ස්ථීරව සිටීමට අපට උපකාරී වෙයි.

අග්‍ර ශ්‍රාවකයන්ගේ මුල් දහම් දෙසීම්වලට වස්තු විෂය වුයේ ජේසුස් වහන්සේගේ මරණින් උත්තන වීම හෙවත් මරණයෙන් නැගිටීමයි. “ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන කරනු නොලැබු සේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථකය, ඔබේ ඇදහීමත් නිරර්ථකය.” (1 කොරෙන්ති 14-15). මෙය මෙසේ වීමට ප්‍රායෝගික හේතුවක් ද වෙයි. කුරුසපත් කිරීම ජුදයන්ට සාමාන්‍ය දර්ශනයකි. එහෙත්, දැන් මරණයෙන් උත්තානවීමක් සිදුවී ඇත. (ලෝකයේ අවසානයේ මරණයෙන් නැගිටීම ජුදා ඇදහිල්ල වුවත් අතර මැද මරණින් නැගිටීමක් ඔවුන් අසා නොතිබිණි.) එබැවින් මෙය මුළුමනින් ම අලුත් සිදුවීමකි. ඒ නිසා ජුදා ජනතාව වෙනුවෙන් අපෝස්තුළුවරුනට හෙවත් අග්‍ර ශ්‍රාවකයන්ට මෙයට සාක්ෂි දැරීමට සිදුවිය. උත්ථානය පිළිබද දහම් දෙසීම ජේසු සමිදුන්ගේ මරණය හා අනිවාර්‍යයෙන්ම බැදී ඇත. (ක්‍රියා 2:23, 21:3-15)

ජේසු සමිදුන්ගේ උත්ථානය පිළිබදව වාචිකව කෙරුනු මෙම දහම් දෙසීම පසු කාලයේදී විවිධ ක්‍රම ඔස්සේ පුළුල් කෙරිණි. මරණය සහ උත්ථනය කිතුණු ජීවිතයට සම්බන්ධ වන අන්දම පාවුළු තුමා ලියු ලිපි මගින් ඉගැන්වූ ආකාරය මීට නිදසුනකි. එසේ වුවද එතුමා ජේසු සමිදාණන්ගේ මරණය සහ උත්ථානය පිළිබද කිසිදු විස්තරයක් සදහන් නොකරන තරම්‍ ය. එනමුදු සිව්විද සුභ අස්න කතුවරු ජේසුස් වහන්සේගේ මරණය සහ උත්ථානය පිලිබද සැලකිය යුතු දීර්ග විස්තරයක් ඉදිරිපත් කරයි. වෘත්තාන්ත දෙකින් ද දුක්ප්‍රාප්තිය සහ මරණය පිලිබද වෘතාන්තය, උත්ථානය පිළිබද වෘත්තාන්තයට වඩා දීර්ඝව සහ තර්කානුකූල සම්බන්දයකින් විස්තර දක්වා ඇත. මීට හේතුව ඉතා ගැබුරු එකකි. එනම් ජේසුස් වහන්සේ ජයග්‍රාහීව බලපරාක්‍රමයෙන් යුතුව මරණයෙන් නැගිටීමේ සිද්ධිය විසින් ඔවුන් වහන්සේගේ ජීවිතයේ මහිමාන්විත අංශය එනම්, මානව දෘෂ්ටිකෝනයෙන් ජයග්‍රාහී අංශය (අශුද්ධාත්මයන් දුරුකිරීම වැනි ප්‍රාතිහාර්‍ය) කෙරෙහි පමනක් මිනිස් මනස යොමු කරවීමට ඉඩ තිබීම හා එසේ වෙමින් දැන් මහිමාන්විතව හා ජයග්‍රාහීව නැගිට වදාරා සිටින ජේසුස් වහන්සේගේ මෙලොව ජීවිතයේ වඩා වේදනාකාරී පැත්ත ඔවුන් වහන්සේගේ ජීවිත කතාවට ඈදන ලද අවාසනාවන්ත පිටුවක් සේ සලකමින් පහසුවෙන්ම අමතක කර දැමීමට ඉඩ තිබීමයි. නමුත් එවැනි දෘෂ්ඨියකින් යම් යම් දේ දෙස බැලීමට මරණින් උත්ථානය ඉඩ නොසලසයි. ඔවුන් වහන්සේගේ උත්ථානය එතුමන්ගේ ජීවිතයේ වේදනාත්මක පැත්ත කෙරෙන් කිතුනු නෙත ඉවත් නොකරයි. ඒ වෙනුවට ජේසුස් වහන්සේගේ පූර්ණ මෙලොව ජීවිතය විශේෂයෙන් එහි ඉතා අවාසනාවන්ත පැත්ත වඩා හොදින් අගය කිරීමට කිතුණුවා යොමු කරවයි. මෙයට හේතුව කුමක් ද? දුක්ප්‍රාප්තිය මිනිස් ඇසට පරාජයකි. ඉතාම නිග්‍රහයකි. අනෙක් අතට උත්තානය ජයග්‍රහනයකි. මහිමයට පත් කරනු ලැබීමකි. විශ්වාසයේ ඇස මෙම සසැදීමෙන් සෑහීමකට පත් නොවෙයි. දුක්ප්‍රාප්තිය හා උත්ථානය අතර ඉතා ගැබුරු සබැදියාවක් ඇසට හසුවෙයි. මෙහිදී විශ්වාසයේ ඇස් දකින්නෙ දෙකඩ වීමක් වෙනුවට අභ්‍යන්තරික සම්බන්දතාවයකි. එකම සිද්ධියක වර්ධනයක් හෙවත් අඛණ්ඩ ක්‍රියාවලියකි. විශ්වාසයේ ඇසට ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය පරාජයක් නොව දෙවියන්වහන්සේ විසින් ඔවුන් වහන්සේ සදහා පිළියෙල කරන ලද සැලැස්ම තුළ උන්වහන්සේගේ ජයග්‍රාහී ප්‍රයත්නයකි.

ඉදීරියට….

රේමන්ඩ් බ්‍රවුන්, “Crucified Christ in Holy Week”
පරිවර්තනය : ගරු ටයිටස් රුද්‍රිගෝ සා. බෙ. නි පියතුමා
(මෙම ලිපිය 1984 හා 2005 දම්මිණ කාලපයන් හී පලකරණ ලද්දකි.)

Leave a Reply