හික්මුණ හා මනස්තාපයේ හදවත

0
524

පාපෝච්චාරණය මාහැගි වරප්‍රසාදිත යමක් වන්නෙ නිදහස්ව හා අවංක සිදු කළ විටය. එය දෙවියන්වහන්සේට උන්වහසේවම වන්නට ඉඩහරියි. “සමිදුනි, ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාද මකා දමා, ඔවුන්ගේ පවු පහකරන, ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිත් ද ? එතුමාණෝ උදහස සදහටම තබා නොගන්නා සේක. මන්ද එතුමාණෝ තිරසාර පෙම ප්‍රිය කරන සේක.” (මිකා 7:18) මිනිසා තමන්ට එරෙහිව දෙවියන්වහන්සේගේ පැත්ත ගැනීම මගින්, දෙවියන්වහනේව මිනිසා තමන්ගේ තත්ත්වයට ගෙන, උන්වහන්සේටත් තමන් සේම ක්‍රියා කිරීමට එකතු කරගනියි. දෙවියන් වහන්සේ තමන්ටවහන්සේට එරෙහිව මිනිසාගේ පැත්ත ගැනීම උන්වහන්සේගම සාදාරණත්වයට එරෙහි වන්නේය. මෙය කරුණාව මත මිස අවශ්‍යතාව සිදුනොවන්නකි. විශේෂයෙන්ම, දෙවියන්වහන්සේට ලෝකයට කරුණාවන්ත වන්නට උවමනා වන්නේය, එහෙත් දෙවියන්වහන්සේගේ කරුණාවට හේතුවවු මිනිසාගේ පාපය තමන්ම නොපිළි ගන්නේනම් උන්වහන්සේට එසේ කිරීමට නොහැකිය. දෙවියන්වහන්සේට මිනිසාගෙන් ලබාගැනීමට අපහසුම වී ඇත්තේ “හික්මුණු මනස්තාපයේ හදවතයි.” උන්වහන්සේගේ සර්වබලදරීගුණය මිනිසාගේ නිදහස් කැමත්තට බලපෑම් නොකරන බැවිනි. මෙය උන්වහන්සේට කිරීමට අපගේ නිදහස් පිළිතුර අත්‍යවශය වන්නේය. එබැවින් හික්මුණ හා මනස්තාපයේ හදවත දෙවියන්වහන්සේගේ ස්පර්ශය ලද අගනා වස්තුවක් වන්නේය.

“සමිදාණෝ මෙසේ වදාරණ සේක;
අහස මාගේ සිංහාසනය ය;
පොළොව මාගේ පා පුටුවය.
මා සදහා නුබලාට කෙබදු ගෘහයක් සෑදිය හැකිද ?
මාගේ වාසස්ථානය කොතැන විය හැකිද ?
මුලු විශ්වය මැවුවේ මම ය.
එබැවින් සියලුදේ මාගේ ය.
යටහත්, තැලුණු සිත් ඇති,
මාගේ වචනයට කීකරු වන
මිනිසා මට ප්‍රිය මනාප වේ.

(යෙසායා 66: 1-2)

උපුටා ගැනීම : “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ ගින්න” – THE FIRE OF CHRISTS LOVE

ගරු රෙනීරෝ කන්තලමෙස්සා පියතුමා OFM CAP

ඉතාලි ජාතික ගරු රෙනීරෝ කන්තලමෙස්සා පියතුමන් 1958 වසරේ ප්‍රැන්සිස්කාන කැපුචින් නිකායේ පියතුමෙක් ලෙස පුජකවරය ලබා මිලානෝ විශ්වවිදයාලයේ කතිකාචාර්‍යවරයෙක් ලෙස සේවය කලේය. 1980 සිට වතිකානුවේ ශුද්ධෝත්තම පියතුමන් ඇතුලු නිවැසියන්ගේ දේශකයා ලෙස පත්වීම ලබන එතුමන් අද දක්වා දේශකයෙකු ලෙස සහ ලේඛකයෙකු ලෙස ලොවපුරා තම සේවය සිදුකරයි.


අනුවර්තනය – චන්දිම කාරියවසම්

Leave a Reply