මගේ සමිදානන් කුරුසපත් කරන විට ඔබ එහි සිටියාද ?

0
318

නවගිවිසුමේ ක්‍රිස්තුස්වහන්සේගෙ දුක්විදීම පිලිබද මුලික ඉගැන්වීම (කෙරිග්මාව) ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙයි.

කරුණ : එතුමාණෝ “දුක්වින්දේය” සහ “මියගියේය”
හේතුව : “අප වෙනුවෙන්”, “අපගේ පාපය වෙනුවෙන්” (බලන්න: 1 කොරෙන්ති 15:3 , රෝම 4:25)

ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විදීම “අප වෙනුවෙන් ය” පටු දොරෙන් දොරටුවෙන් තේරුම් නොගත්තොත්
අවසාන වශයෙන් උන්වහන්සේගේ දුක්විදීම අපට සම්බන්දවන බව නොපෙනේ. මන්දයත් , ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විදීම තේරුම් ගන්නේ, උන්වහන්සේ තමන් නිසා දුක් විදී බව සිහි කරන්නා පමනක් වන බැවිනි.

එනිසා, මගේ පෞද්ගලික පාපයත් ගෙත්සම්නියේ ජේසුගේ හදවතට බරක්වී තිබුනි: කුරුසය මතදී මගේ නිදහස් කැමැත්තේ අවබාවිතාව හා අපහරනයට ලක්කිරීමත්, මාගේ ස්වර්තකාමයත් උන්වහන්සේව කුරුසයේ ඇණගසා ඇත. ක්‍රිස්තුස් වහන්සේ “මාගේ පාපය” කරණ කොට මියගියේ නම්, එහි කර්තෘකාරකය – මම නාසරත්යේ ජේසුස් මරා දැමිමි ! පෙන්තකොස්ත දින පේදුරුගේ දේශනාව අසා සිටි තුන්දහසක් දෙනා අතුරින් සියලුදෙනාම පිලාතුන්ගේ අධිකරනයේවත් කල්වාරිය මත ජේසුස්වහන්සේ ඇණ ගසන තැනවත් නොසිටියේය. නමුත්, ඔහු හඩනගා කීවේ, “ඔබ නාසරත්යේ ජේසුස් කුරුසපත්කලේය “ කියාය. (බලන්න : ක්‍රියා 2:23) ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය තුළ දේශනාව අසා සිටි සියලු දෙනාම එය සත්‍යබව පිළිගත්තෝය. “ඔවුහු සන්තාප සිත් ඇතිව, සහෝදරවරුනී, අප කුමක් කළ යුතු දැයි, පේදුරුගෙන්ද අනෙක් ප්‍රේරිතයන්ගෙන විචාලහ.” (2:37)

“ඔබ එහි සිටියාද ? මගේ ස්වාමියාණන් ඔවුන් කුරුසපත් කරනවිට ඔබ එහි සිටියාද ? “විශ්වාසයෙන් පිරි අප්‍රිකානසංබවයක් සහිත ඇමෙරිකන ආධයත්මිකවරයෙන් අසයි. ඔහු දුරටත්, “ සසැලෙමි. සසැලෙමි. බොහෝවිට එයන් මා සසැලෙමි.” මා මේ ගීය අසන හැම විටම “අහෝ.. මම එහි සිටියෙමි, මගේ ස්වාමියාණන් ඔවුන් කුරුසපත් කරනවිට මම එහි සිටියෙමි” යි සිතන්නට එය මගේ හිතට බල කරයි.

හැම මනුස්සයෙක්ම ජීවිතයේ එක වරක් හෝ ක්‍රිස්තුස්වහන්සේගේ මරණ මොහොතේ සිදුවු ස්වභාවයට සමාන දේව මාලිගයේ තිරය ඉහල සිට පහලට දෙකඩ කල, පර්වත දෙදරාගිය, සොහොන් විවරවු භූමිකම්පාවක් තමන්ගේ හදවතින් අත්දැකීම අවශයකි. එක් වරක් හෝ ශුද්ධවු දේවභයෙන් අපගේ බොහෝවිට අන් කිසිවක් නොතකන ස්වාත්මවිශ්වාසයෙන් පිරීගිය හදවත් බිදීයා යුතුය. පේදුරු සහ අනෙකුත් ප්‍රේරිතයින් මෙවැනි ම දෙයක් අත්දැක්කේය. පේදුරුට මේ තදබල වචන මොරගහන්න හැකිවූයේ, එය මුලින් තමන්ටම මොරගා, “දැඩි දුකින්” හැඩවු නිසාය. (ලූක් 22:62)

ජුවාම් ස්විශේෂයට අනුව අප සවන්දෙන දුක්පාත්‍රි කියවීමේ : “ඔවුන් ඇණ තුවාල කළ තැනැත්තා දෙස බලනු ඇතැයි” අප අසා ඇත්තෙමු. (ජුවාම් 19:37) මේ දිවසිවැකිය අප තුළද යතාර්තයක් වේවා; අප තුවාළකල උන්වහන්සේ දෙස බලා මිය ගිය දරුවෙකු වෙනුවෙන් වැලපෙන්නාක් මෙන් වැලපෙමු. (බලන්න: සෙකරියා 12:10) අපගේ ස්විශේෂ දේශනාකරුවන්ට සවන්දී ලෝකය සිත්හරවා නොගනීනම් , අප වැලපෙනු බලා ඔවුන්ගේ සිත් හැරේවා.

රෙනීරෝ කන්තලමෙස්සා ගරු පියතුමා OFM CAP

උපුටා ගැනීම : “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ ගින්න” – THE FIRE OF CHRISTS LOVE

ඉතාලි ජාතික ගරු රෙනීරෝ කන්තලමෙස්සා පියතුමන් 1958 වසරේ ප්‍රැන්සිස්කාන කැපුචින් නිකායේ පියතුමෙක් ලෙස පුජකවරය ලබා මිලානෝ විශ්වවිදයාලයේ කතිකාචාර්‍යවරයෙක් ලෙස සේවය කලේය. 1980 සිට වතිකානුවේ ශුද්ධෝත්තම පියතුමන් ඇතුලු නිවැසියන්ගේ දේශකයා ලෙස පත්වීම ලබන එතුමන් අද දක්වා දේශකයෙකු ලෙස සහ ලේඛකයෙකු ලෙස ලොවපුරා තම සේවය සිදුකරයි.


අනුවර්තනය – චන්දිම කාරියවසම්

Leave a Reply