ජීවිතය ජීවත් කරන්න

0
536

අද දවස ගෙවුනෙ කොහොමද ?
ගෙවුන දවස ගැන මම තෘප්තිමත් ද ?
දවස සාර්ථක ද ?
කරන්න හිතපු දේවල් කරගන්න පුළුවන් වුනාද ?
මේ වගේ ප්‍රශ්න ටිකක් එක්ක ගෙවෙන හැම දවසකම අවසානයේ අපේම හදවත පිරික්සලා බලන්න පුළුවන්නම්,
මම හිතනවා අපි මීට වඩා ගතවෙන කාලය සම්බන්ධයෙන් සහ දිනපතා කරන වැඩ සම්බන්ධව වගකීම් සහගත වෙයි කියලා.
ජීවිතේ ඔහේ ගතවෙන්න දෙනවට වඩා අරමුණු සහගතව ජීවිතය ගෙවන්න පුලුවන්නම්,
සාර්ථකත්වය නිතැතින්ම ළගා කරගන්න පුළුවන්.
උදේ පාන්දරින්ම නැගිටින්න, දවස සැලසුම් කරගන්න.
හැම දවසකම අපේ රැකියාව, අධ්‍යාපන කටයුතු වගේම,
නිදහසේ පොතක් පතක් කියවන්න,
යාච්ඤා කරන්න,
ගෙදර අය එක්ක ගත කරන්න කාලයක් වෙන්කර ගන්න උත්සහ කරන්න.
ජීවිතේ දිනන්නෙ සැලසුම් සහගතව උත්සහ කරන මිනිස්සු.
සැලසුමක් නැතුව කරන උත්සහය තේරුමක් නෑ.
අපි කරන පුංචි දේවල ගැන අවධානය දෙන්න පුරුදුවුනහම ලොකුදේවල් වලදිත් ඒ පුරුද්දම බලපානවා.
අපි ගතකරන මේ ජීවිතේ ඉතා කෙටියි.
ඒ නිසා හැම දවසක්ම.. හැම පැයක්ම.. හැම තත්පරයක්ම වැදගත්.
දෙවියන් වහන්සේ අපට ජීවිතය දීලා තියෙන්නෙ නාස්ති කරන්න නෙමෙයි.
පුළුවන් උපරිමය ජීවත්වෙන්න. 

Leave a Reply